Saturday, July 20, 2013

ඔන්න ඉතින් නාදුනන අoකයකින් කෙල්ලෙකුට කෝල් එකක් එනවලු.

ඔන්න ඉතින් නාදුනන oකයකින් කෙල්ලෙකුට කෝල් එකක් එනවලු.

කෙල්ල: හලෝකවුද මේ කතා කරන්නේ…?

කොල්ල: හලෝමේ ඔයාට කොල්ලෙක් ඉන්නවද…?

කෙල්ල: ඔව්. ඇයි? ඉන්නව. මොකටද?

කොල්ල: එහෙමද? ඉදපන් මන් ගෙදර එනකන්.මන් උඹේ අයිය.

(
කෙල්ල වැඩේ අයියට අතටම මට්ටු උන නිසා 4n එක cut කරයි)

few minutes ago…

නැවතත් නාදුනන oකයකින් කෝල් එකක් එයි.

කෙල්ල: හෙලෝකවුද කතා කරන්නේ…?

කොල්ල: හෙලෝමේ ඔයාට කොල්ලෙක් ඉන්නවද…?

කෙල්ල: තමුසෙට පිස්සුද? මට කොල්ලෙක් තාම නෑ

කොල්ල: යකෝමේක මාර වැඩක්නෙ? එතකොට මන් තමුසෙගෙ කවුද?

කෙල්ල: sorry පැටියො. මන් හිතුවෙ අපේ අයිය කියල.sorry…

කොල්ල: හිටපන් මන් ගෙදර එනකන්.මන් උඹේ අයිය තමා
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. 78

 ඔන්න එක දවසක් එකවුන්ටන්ල දෙන්නෙකුයි ඉන්ජිනේරුවො දෙන්නෙකුයි කෝච්චියෙන් ගමනක් යන්න ගියාලු. එකවුන්ටන්ල දෙන්න ටිකට් දෙකක් ගත්තලු. හැබැයි ඉන්ජිනේරුවො දෙන්න ගත්තෙ එක ටිකට් එකයිලු. මේකට එකවුන්ටන්ලට හෙන අවුල්ලු.

"
තමුසෙල දෙන්න එක ටිකට් එකෙන් කොහොමද යන්නේ? මගදි ටික්කො පැනල ටිකට් චෙක් කරනවනේ"

"
හි හි... තමුසෙල බලං ඉන්නවකො අපි යන හැටි"

ඉන්ජිනේරුවො දෙන්න කිව්වලු.

කට්ටියම කෝච්චියට නැග්ගලු. මගට යද්දි ටික්කො ටිකට් චෙක් කරගෙන එනවලු. ඉන්ජිනේරුවො දෙන්න ටක් ගාල ටොයිලට් එක අස්සට රිංගුවලු. ටික්කො ටිකට් චෙක් කරගෙන ඇවිත් ටොයිලට් එකේ දොරට තට්ටු කලාලු.

"
ටිකට් ටිකට්"

ටොයිලට් එකේ දොර ටිකක් ඇරිල අතක් එලියට ආවලු ටිකට් එකක් එක්ක. ටික්කො ඒක පන්ච් කරල ආපහු දුන්නම අත ඇතුලට ගිහින් දොර වැහුණලු. මේක බලං හිටපු එකවුන්ටන්ල දෙන්න මූණෙන් මූණ බලාගත්තලු.

ආපහු එන ගමනෙදි එකවුන්ටන්ල දෙන්න ගත්තෙ ටිකට් එකයිලු. හබැයි ඉන්ජිනේරුවො දෙන්න ටිකට් එකක්වත් ගත්තෙ නෑලු.

"
තමුසෙල දෙන්න පාර ටිකට් නැතුවම යන්නද යන්නේ?"

ඇකෝල දෙන්න ඇහුවලු.

"
බලනවකෝ අපි යන හැටි"

ඉන්ජිනේරුවො දෙන්න කිව්වලු.

ඔන්න පාරත් ටික්කො එහා පෙට්ටියෙ ඉඳන් ටිකට් චෙක් කරගෙන එනකොටම එකවුන්ටන්ල දෙන්න ටොයිලට් එකට ගිහින් දොර වහගත්තලු. දැන් දෙන්න ඉන්නවලු ටික්කො ඇවිත් දොරට තට්ටු කරනකල්.

මේ අතර අර ඉන්ජිනේරුවන්ගෙන් එකෙක් නැගිටල ගිහින් එකවුන්ටන්ල ගිය ටොයිලට් එකේ දොරට තට්ටු කලාලු.

"
ටිකට් ටිකට්"

ඔන්න ටොයිලට් එකේ දොර ඇරිල අතක් ආවලු ටිකට් එක එක්ක. ඉන්ජිනේරුවො දෙන්න ටිකට් එකත් අරන් කෝච්චි පෙට්ටියෙ තියෙන අනිත් ටොයිලට් එකට රිංගුවලු.

No comments:

Post a Comment