Saturday, July 27, 2013

ගණිත පන්තියක..............

ගණිත පන්තියක..............

ගුරුතුමිය - වත්තක එළුවන් 9 දෙනෙක් ඉන්නවා , ඉන් 5 දෙනෙක් වැටෙන් පැනල එහා ඉඩමේ
තියන කුඹුරට යනවා , දැන් වත්තේ ඉතිරි වෙලා ඉන්න එළුවන් ගණන කීයද .....?

ශිෂ්යයා - එකෙක්වත් නැහැ මැඩම්.

ගුරුතුමිය - එහෙම වෙන්නේ කොහොමද ළමයෝ .....?

ශිෂ්යයා - ටීච ගණන් ගැන දන්නවා උනාට එළුවෝ ගැන දන්නේ නැහැනේ .. ,
එකෙක් වැටෙන් පැන්නම අනිත් එවුනුත් උගේ පස්සෙන් පැනල යනවා .....
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි

next
ළඟකදී සිට තම බිරිඳගේ කන් ඇසීමේ දුර්වලතාවයක් ඇතැයි සිතූ සැමියා බිරිඳට හොරෙන් වෛද්යවරයෙක් හමුවීමට ගියේ බෙහෙතක් ලබාගැනීමටයි.

දොස්තර : මේ මහත්මයාට තියෙන අසනීපේ මොකක්ද ?

සැමියා : මට නෙවේ දොස්තර මහත්තයො අපේ නෝනගෙ ළඟකදි ඉඳල කන් හරියට ඇහෙන්නෙ නෑ. ඉතින් මම ආවෙ මොනවහරි බෙහෙත්ටිකක් අරන් යන්න.

දොස්තර : නෝනව පරීක්ෂා කරන්නෙ නැතිව බෙහෙත් දෙන්න බෑ.

සැමියා : ඒත් දොස්තර මහත්තයෝ නෝනට ඕක කියන්න මට මොකද්ද වගේ.

දොස්තර : එහෙනම් මම කියන පරීක්ෂණය කරල ඇවිත් මට විස්තර කියන්න. එතකොට මට පුළුවන් නෝනගෙ කන ඇහෙන ප්රමාණය තීරණය කරන්න.

...................................................................................

පසුව නිවසට පැමිනි සැමියා දොස්තර කියූ විදියට පරීක්ෂණය ආරම්භ කළේය.

කඩුල්ල ළඟ සිට බලන විට බිරිඳ අනෙක් පස හැරී හොද්දක් හැඳිගාමින් සිටිනු දුටු සැමියා මදක් හඬ නගා

සැමියා : නෝනේ මොනවද කරන්නේ

ඒත් ඇගෙන් පිළිතුරක් නැත
දෙවනිවර ගෙදර දොර ළඟට ගොස්

සැමියා : නෝනේ මොකද කරන්නේ

එහෙත් පිළිතුරක් නැත බිරිඳ හිටි ලෙසම හොද්ද හැඳිගාමින් සිටී
තෙවැනිවර කුස්සියේ දොර ළඟට ගොස්

සැමියා : ගැනියෙ මොකද කරන්නේ ..

එවර හැන්දත්රැගෙන දැඩි කෝපයෙන් අනෙක් පැත්ත හැරුණු බිරිඳ

බිරිඳ : ඇයි මිනිහෝ උඹට කීසැරයක් කිව්වද මම මේ මස් හොද්දක් හදනව කියල , තොගෙ කන්දෙක ඇහෙන්නෙ නැද්ද ?

දැනුම විනෝදය සමගින් සින්හල විහුලු කතා කියවන්න--->http://goo.gl/OuFeX
 sinhla Emoney., අන්තර්ජාලයෙන් මුදල් උපයන්න. සුදුසුකම් අවශ් නැත.facebook දැනුම හොදටම ප්‍රමානවත්, මුදල් අය නොකෙරෙ අවශ්ය වන්නෙ ඉවසිම උත්සහය පමනයි .  ඔබත් උත්සහ කරල බලන්න.ඔබට ජ්ය් ..පිවිසෙන්න- ->http://goo.gl/OTxaL   ම්ගේ facebook පිටුවටත් Like එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ ↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓↓---->http://goo.gl/xliqE

No comments:

Post a Comment