Thursday, July 18, 2013

ඔන්න හොස්පිටල් එකක කතාවක් හොදේ මමත් අහපු එකක් කලින් අහලා තියෙනවද දන්නෙ නෑ

ඔන්න හොස්පිටල් එකක කතාවක් හොදේ මමත් අහපු එකක් කලින් අහලා තියෙනවද දන්නෙ නෑ

දවසක් ඔය ගැබිනි මව්වරැ ඉන්න වාට්ටුවල පොඩි ලමයිනුත් ඉන්නවනේ එක ලමෙක් ඇදුම් ගලෝලා විකාරයක් කලාලු ඉතින් හැමෝම බලන් ඉන්න නිසා බබාගේ අම්මා දුවලා ගිහින් බබාට ගැබිනි මවක් පෙන්නලා කිව්වළු පුතා ඔයා ඇදුම් ඇන්දෙ නැතොත් අර ඇන්ටිට වගේ ලොකූ බඩක් එයි කියලා
ඇදුම් ඇදගත්ත බබා අර ගැබිනි මව ළගට ගියාලු
එයත් ආදරෙන් බබා දිහා බලන් ඉන්නකොට බබා කිව්වළු
ඇන්ට් ඇන්ට් ඇදුම් ඇදන් හිටියානම් ඔය වගේ ලොකු බඩක් එන්නෙ නෑ නේ කියලා
:D :D :D
බබාගේ අම්මයි ඇන්ටියි මූනේ මූන බලාගත්තලු LOL

..............................................
next
මනෝ බස් නැවතුම්පළට වී සිටියේ නගරයට යාමේ අදහසිනි. එතැනට තරුණයෙක් ආචාරශීලී ලෙස සිනාසී වේලාව කීයදැයි ඔහුගෙන් ඇසීය. මනෝ තරුණයාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළා කිසිවක් නෑසුණාක් මෙන් ඉවත බලා ගත්තේය. තරුණයා ලැජ්ජාවට පත්ව ඉවත ගියේය. මේ සිද්ධිය බලා සිටි සිරිල් මනෝ වෙත හැරී මෙසේ ඇසීය.මොකෝ මිස්ටර් සුනිල් අර හාදයා වෙලාව ඇහැව්වාම ඔහේ උත්තරයක් නොදී අහක බලා ගත්තෙ?”

සිරිල්
,
තමුසෙ දකින්ඩ ඇතිනේ වෙච්ච දේ. එයාට මම වෙලාව කිව්වා නං මිනිහා මාත් එක්ක කතාවට වැටෙනවා. මිනිහා එතකොට අහන්ඩ බැරි නෑ බස් එකත් ප්රමාද හින්දා තේ එකක් බොමුද කියල.

එහෙම එයාගෙන් තේ බිව්වාම මටත් වෙනවා මිනිහට කියන්ඩ අපේ ගෙවල් පැත්තෙ ඇවිත් යන්ඩ කියල. එහෙම ආවහම මිනිහා මගෙ ලස්සන දුවව දකිනවා. මිනිහා දුවව කසාද බඳින්ඩ කැමැතියි කියල කියන්ඩත් බැරි නැහැ.

දුවත් මිනිහට කැමැති වුණොත් එහෙම දෙන්න කසාද බඳියි. මම කොහොමද අයිසෙ ඔරලෝසුවක් ගන්ඩ බැරි එකෙකුට මගෙ දුවව දෙන්නෙ? ඒකයි මං උත්තරයක් නොදී අහක බලා ගත්තෙ.සුනිල් කීය.


No comments:

Post a Comment