Wednesday, July 17, 2013

ආදරය සහ විවාහය

ආදරය සහ විවාහය 

දිනක් සිසුවෙක් තම ගුරුතුමාගෙන් ආදරය යනු කුමක්දැයි විමසුවා. ඔහු ඊට පිළිතුරු දීමට ප්රථම පන්ති කාමරය එපිටින් වූ ඉරිඟු යායෙන් විශාලතම ඉරිඟු කරල රැගෙන එන්නයි සිසුවාට පැවසුවා. නමුත් එක කොන්දේසියක්ද පැනවූවා. එසේ විශාලතම ඉරිඟු කරල රැගෙන ඒමට යන ගමනේදී ඔහුට ආපසු පැමිණ පසුකර ගිය ඉරිඟු කරලක් කැඩීම තහනම්.

ඉතිං සිසුවාත් කොන්දේසිය පිළිගෙන ඉරිඟු යාය අතරින් යනවිට ඔහු දුටුවා විශාල ඉරිඟු කරලක්. ඒත ඔහුට හිතුනා ඉදිරියේ ඊටත් වඩා විශාල ඉරිඟු කරල් ඇතැයි කියා. එසේ යනවිට ඔහුට තවත් එක් විශාල ඉරිඟු කරලක් හමුවූවා. ඔහු නැවතත් සිතුවා ඉදිරියේ ඊටත් වඩා විශාල ඉරිඟු කරල් ඇතැයි කියා. නමුත් එසේ තවත් පැය කාලක් පමණ ඉදිරියට ගියත් ඔහුට වැටහුනා පෙර දුටු ඉරිඟු කරල තරම් විශාල 1ක් සොයාගත නොහැකි බව. ඉතිං ඔහු නැවතත් ගුරුතුමා වෙත හිස් අතින්ම ගොස් සිදුවූ දේ පැවසුවා. එවිට ගුරුතුමා මෙසේ පැවසුවා.

''
ඕකම තමයි ආදරය, ඔබ දැනට ආදරය කරන කෙනාට වඩා හොඳ කෙනෙක් හමුවේයැයි සිතා ආදරය කරන කෙනා අතහැර ඊට වඩා හොඳ කෙනෙක් සොයමින් යන අතර ඔබට වැටහෙනවා ඔබ ඔබට ගැලපෙන හොඳම කෙනාව නැති කරගත් බව. ඒත් එවිට ඔබ ප්රමාධ වැඩියි.''

එවිට සිසුවා නැවත මෙසේ විමසනවා. ''එතකොට විවාහය කියන්නේ මොකද්ද?''

එයටත් පිළිතුරු දීම ලෙස ගුරුතුමා තම සිසුවාට පෙර පරිදිම කොන්දේසිය සහිතව ඉදිරියෙන් ඇති ඉරිඟු යායෙන් විශාලතම ඉරිඟු කරල රැගෙන එන ලෙස පැවසුවා. මෙවර සිසුවා තමා පෙර වැරැද්ද සිහියට ගනිමින් ඔහුට පලමුවම සිතට නිවැරදියි සිතුණු ඉරිඟු කරල තෝරාගෙන තම ගුරුතුමා වෙත පැමිණියා. එවිට ගුරුතුමා තම සිසුවාට මෙසේ පවසනවා.

''
මෙවර ඔබ විශාලම ඉරිඟු කරල තේරීමේදී ඔබට හොඳයැයි, සිතට හරියැයි සිතුණු දේ ඔබ තෝරාගත්තා. වගේම ඔබට විශ්වාසයක් තිබුණා ඔබට ලැබෙන හොඳම දේ මෙය බවට. අන්න වගේමයි විවාහයත්''

ඔබ එකගද???
ඇත්ත කියල හිතෙනවද ???
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.  

....................................................................

next page


සාලයට වී පුවත්පතක් බලමින් සිටි සැමියාගේ හිස මතට එකවර පතිත වන්නේ සාස්පානකි! සාර්ථක වූ පහර නිරීක්ෂණය කරමින් ඔහු වෙත ඇදෙන්නේ ඔහුගේ බිරිදය.

සැමියා: "මොකද යෝදියෙ මට ගැහුවේ?"
බිරිද: "මං තමුසෙගෙ සාක්කු අස්කරද්දි කඩදාසියක් අහුවුණා. ඒකෙ Jenny කියල ලියල තිබුණ"
සැමියා:"අයියෝ...Jenny කියන්නෙ මං ලගදි ඔට්ටු දාපු අස්සයෙක්ටනේ"
බිරිද:"අනේ sorry"

කිහිප දිනක් ගතවිය. සැමියා විවේක සුවය විදින වේලාවක ආතල් කුඩු කරමින් දැවැන්ත සාස්පාන් පහරක් නැවතත් ඔහුව සන්තර්පනය කරයි.
සැමියා:"මොකද ගෑනියෙ පාර?"
බිරිද:"තමුසෙගෙ අස්සය අද ගෙදරටම කෝල්

No comments:

Post a Comment