Wednesday, July 17, 2013

සැමියා නිවසට එන විට බිරිඳ අල්මාරිය අසලය.

සැමියා නිවසට එන විට බිරිඳ අල්මාරිය අසලය. "අනේ ඩාලිං, මම මේ ඔයා එනකල්මයි බලා හිටියේ. මේ බලන්න මේ අල්මාරියේ තට්ටුවක් ගැලවිලා. ඔයාට පුළුවන්ද ඒක හදලා දෙන්න."

"
අනේ මට බැහැ. මම වඩුවෙක් නෙමෙයිනේ," සැමියා කීවේය.

පසුදා සැමියා වැඩ ඇරී එන විට බිරිඳ නාන කාමරයේ රෙදි සෝදමින් සිටියාය. "අනේ මේ බලන්න මේ වතුර පයිප්පෙ කැඩිලා. ඒක හදලා දෙන්නකෝ," බිරිඳ ඉල්ලා සිටියාය.

"
මට නම් බැහැ. ඔයා කරගන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ."

ඊළඟ දිනයේ ඔහු එනවිට, කුස්සියේ විදුලි පහන පිළිස්සී ඇත. "ඩාලිං, මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ."

"
ඔයාට පිස්සුද? මට නම් බැහැ ඕවා කරන්න. විදුලි කාර්මිකයෙක් හොයා ගන්න."

ඊළඟ දිනයේ ඔහු නිවසට එන විට බිරිඳ ප්රීතියෙන් උතුරා යමින් සාලයේ හිඳගෙන සිටියාය. "අල්ලපු ගෙදර කොල්ලා හරිම හොඳයි. මිනිහා හරි වැඩකාරයා. මගේ අල්මාරියයි, වතුර පයිප්පෙයි, කුස්සියේ විදුලි පහනයි ඔක්කොම හදලා දුන්නා," බිරිඳ කීවාය.

"
ඇත්තද? සල්ලි කීයක් දුන්නද?" සැමියා ඇසීය.

"
පිස්සුද අනේ? එයා සල්ලි ගන්න කෙනෙක් නෙමෙයි."

"
ඉතින් මිනිහා නිකම්මද මේ ඔක්කොම කළේ?"

"
නැහැ අනේ, මිනිහා හරි කට්ටයා. මිනිහා කියනවා එක්කෝ එයා කියන ජාතියේ කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැතිනම් එයාය හාද්දක් ඕනෙලු."

සැමියා කලබල විය. "හරි මිනිහෙක්නේ. ඉතින් ඔයා මොන ජාතියේ කේක් ගෙඩියක්ද හදලා දුන්නේ?"

"
ඔයාට පිස්සුද? කේක් හදන්න මම බේකරියක් කෙනෙක්ද?" බිරිඳ සැහැල්ලුවෙන් ඇසුවාය.

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. 



..................................................................................................................................................................

next

මේක ඇමරිකාවේ බාබර් කෙනෙක් වෙච්ච මහා ඛේදජනක කතාවක් ...

මේ බාබර් හරි කැමති ලු අනික් රට වල විස්තර දැනගන්න..ඔන්න එක දවසක් කොන්ඩේ කපාගන්න කියල ආවලු අයිස්ලන්තේ කොල්ලෙක් .කොල්ලෙක් කිව්වට උගේ රැවුල එහෙම හරියට වැවෙන්නැතිලු ..අවුලක් නෑ .ලංකාවෙත් ඉන්නවනේ එහෙම කොල්ලෝ.

ඉතින් බාබර් අය්යා කොන්ඩේ කපන ගමන් shape එකේ ඇහුවලු, 

"
මල්ලි අපේ රටේ නෙමේ නේ?"

"
නෑ අය්යා ,මම අයිස්ලන්තේ...." උගේ කටහඬ ඇහුවම බාබර් අය්යට justin bieber 'කොල්ලව' මතක් උනාලු . වෙලාවේ බාබර් අය්යට ටිකක් බයක් එහෙමත් දැනුලලු මූ bieber කාරය වගේද දංනෑ කියල.. 

ඕනේ එකක් කියල බාබර් අය්ය කිව්වලු, 

"
මල්ලි ,මගේ විනෝදාංශය තමයි අනික් රට වල විස්තර දැනගන්න එක.කියන්නකෝ බලන්න මල්ලි අයිස්ලන්තේ ගැන විස්තර ටිකක් .(මෙව්වා ඔක්කොම කියන්නේ ඉංගිරිසියෙන් හරිය! )"

ලේසි ප්රශ්නයක් නේ .අරූ ඉතින් කියාගෙන කියාගෙන ගියාලු ..මගේ රට ලස්සනයි .එහේ අයිස් තියනවා ..blah blah blah 

බාබර් අය්ය හිමින් හිමින් කොන්ඩේ කපන අතරේ අරූ රට ගැන ලොකු විස්තරයක් කිව්වලු.බාබර් අය්යට දැන් මාර happy .

කොන්ඩේ කපල ඉවර වෙලා සල්ලි දික්කරාලු අයිස්ලන්තේ කොල්ල .

"
අනේ මල්ලි සල්ලි එපා .මට සල්ලි වලට වඩා වටිනවා මල්ලිගේ රට ගැන දැනගන්න ලැබිච්ච එක.ආයි දවසක් ඇවිත් මට තව රට ගැන විස්තර ටිකක් කියන්නකෝ.රටේ ඉතිහාසේ එහෙම .."

අරු ඉතින් සල්ලි ගන්න කියල බල කරන්නේ ගියෙත් නැතිලු .thank you කියල shape එකේ ගියාලු... 

ඊට පස්සෙන්ද උදේ බාබර් අය්ය සුපුරුදු ලෙස උදේ පාන්දරින්ම කඩේ දොර ඇරීයලු.මෙන්න බොලේ තියනවලු පාර්සලයක්.මනුස්සය පට පට ගාල පාර්සලේ ඇරලා බැලුවලු . අයිස්ලන්තේ කොලු මල්ලිගෙන් පොඩි present එකක්...අයිස්ලන්තේ ලස්සන තැන් ගොඩක photo එකක් රාමු කරලා ලස්සනට එවල..බාබර් අය්යට ලොවෙත් හිත පිනා ගියාලු..

මිනිහ ඉතින් happy එකේ bieber කොලු ගේ baby සින්දුවත් දාගෙන වැඩ ඇරඹුවලු..(කොන්ඩ කපන වැඩ )

ඔන්න එදා ආවලු තව කොල්ලෙක් .මූ පින්ලන්තේ ...පින්පාට කොලුවා..රැවුල එහෙමත් වැවෙනවා.

ඉතින් සුපුරුදු ලෙසම අය්ය රට ගැන අහල, සල්ලි නොගෙන dial එක පිටත් කරාලු ..ඊට පස්සෙන්ද අය්යට කලින් වගේම වටිනා කියන තෑග්ගකුත් ලැබුනලු. 

වැඩෙන් දැන් අය්යට ලාබයි ලු කොන්ඩේ කපල සල්ලි ගන්නවට වඩා..ඉතින් ඕක පුරුද්දක් විදියට කරගෙන ගියාලු ..ඔන්න ඊටපස්සේ තමයි අය්ය මම කියපු ඛේදජනක සිද්දියට මුහුණ දෙන්නේ වෙන්නේ.. 

එක දවසක් ආවලු කොන්ඩේ කපන්න කියල හොඳ handsome කොල්ලෙක්. .handsome කිව්වම ඉතින් අමුතුවෙන් කියන්නේ ඕනේ නෑ නේ කොල්ල ලංකාවේ කියල .. 

ඉතින් වෙනද වගේම බාබර් අය්ය හිමින් හිමින් කොන්ඩේ කපන ගමන් ලංකාව ගැන විස්තර ටිකක් ඇහුවලු ..

ලංකාවේ එකා මහලොකු දෙයක් කිව්වේ නෑලු . වත්මන් රජ පරම්පරාවේ වීර ක්රියා ටිකක් විස්තර කරාලු .ඕක අහපු බාබරයට ෆුල් ආතල් ලුමෙහෙම දේවල් ලෝකේ වෙනවා කියල ඇහුවම..

කපල ඉවර උනාම (කොන්ඩේ ) ..කොල්ල සල්ලි දික් කරාම අය්යා usual dialogue එක කිව්වලු...

""
අනේ මල්ලි සල්ලි එපා .මට සල්ලි වලට වඩා වටිනවා මල්ලිගේ රට ගැන දැනගන්න ලැබිච්ච එක.ආයි දවසක් ඇවිත් මට තව රට ගැන විස්තර ටිකක් කියන්නකෝ..."

කොල්ලට දැන් මල් හතයි ..වෙනද ඩොලර් 7-8 ක් දීල කරගන්නේ වැඩේ නේ..අය්යා බුදු වෙන්නේ ඕනේ කියන එක ඇරෙන්න ඉතුරු ටික ඔක්කොම කියල thanks කරලා මිනිහ මාරු වෙලා ගියාලු ..

ඊට පස්සෙන්ද උදේ පාන්දරම සුපුරුදු ලෙස බාබර් අය්ය මොකක්ද තෑග්ග කියල බලන්න හනි හනිකට දොර ඇරියලු ..

අම්මට සිරි හැතැම්ම දෙකක් විතර පෝලිමක් ඉන්නවලු කොන්ඩේ කපන්න.. අය්යගේ මනෝ ද්වාරය වික්ෂිප්ත වෙලා ගියාලු.. 
.
බාබර් අය්ය ඉස්සරහම හිටපු dial එක දිහා බැලුවලු.උගේ ඔලුව පුරාම තට්ටේ ලු.රැවුලකුත් නෑලු . බාබර් අය්ය ඇහුවලු මිනිහගෙන් "what 's the case dude? " කියල..එතකොටලු අය්යට වැඩේ තේරුනේ.....

අර මුලින් අපු ලංකාවේ කොල්ල ....dial එක ගිහිල්ල ලංකාවේ හැමෝටම කියල 

"
අන්න මචන් පිනට කොන්ඩේ කපන තැනක් තියනව .රැවුල් ,කොන්ඩ වැවෙන්නේ නැති උනත් කමක් නෑ ,ලංකාව ගැන කතාවක් පාඩම් කරන් පලයල්ලා ..එක කිව්වම් නිකන් කපල දෙයි ..මොනවා උනත් නිකන් නේ බං !"

No comments:

Post a Comment