Sunday, July 21, 2013

කොල්ලෙක් කෙල්ලෙක්ට ක්ලාස් එකෙදි කොලේක මෙහෙම ලියල දුන්නාලු

කොල්ලෙක් කෙල්ලෙක්ට ක්ලාස් එකෙදි කොලේක මෙහෙම ලියල දුන්නාලු

"
මම ඔයාට කැමති. ඔයා මට කැමතිද? ඔයා මට කැමතිනම් මේ කොලේ මොනවා හරි ලියලා මට ආයේ එවන්න. නැත්තම් මෙ කොලේ පොඩි කරලා ජනේලෙන් විසි කරන්න"
කියලා.

මේ කෙල්ල එක අරන් කියවලා හිනා වෙලා කොල්ලාට  කොලේ ආපහු මොනවද ලියලා දුන්නලු. කොල්ලා මාර සතුටින් එක කෙල්ලගෙන් උදුරලා අරන් ඉක්මනටට කියෙව්වලු.
මේකලු රිප්ලයි එක

"
ජනේලේ වහලා"

next

කෙල්ල :- වස්තු ඔයා මට කොච්චර ආදරෙයිද 

කොල්ලා :- සුදු ඔයා තරහ නැත්නම් මන් ඇත්තම කියන්නම් නිමාලිටයි රෝසිටයි වැඩිය මන් ඔයාට මහා මෙරක් තරමටත් වඩා ආදරේයි පැටියෝ  

කෙල්ල :- කවුද නිමාලි රෝසි කියන්නේ 

කොල්ලා :- ඔයාට කලින් යාලු වෙලා උන්නු කෙල්ලෝ දෙන්නා ඔයා තරහ නෑ නේද 

කෙල්ල :- නෑ සුදු 

කොල්ලා :- එහෙනම් හොඳ පැටියා වගේ දැන් කියන්නකෝ ඔයා මට කොච්චර ආදරේද කියලා 

කෙල්ල :- පැටියෝ තරහ නැත්නම් මාත් ඔයාට ඇත්තම කියන්නද කසුන්ටයි රවිටයි වැඩිය මන් ඔයාට ආදරෙයි වස්තු 

කොල්ලා :- කසුන් රවී කියන්නේ ඔයා කලින් යාලු වෙලා උන්නු කොල්ලෝ දෙන්නද (think)

කෙල්ල :- නෑ පැටියෝ මගේ ඉස්සෙල්ලා කසාදෙ ළමයි දෙන්නා 

කොල්ලා :-   
next
මෝඩ ජෝඩුව...
--------------------

ඔන්න දවසක් මුදලාලිලා දෙන්නෙක් සෙට් වෙලා තමන්ගේ ගෝලයන් ගැන කතා වෙනවා.

උඹ දන්නේ නෑ මට ඉන්න එක ගැන කතා කරලා වැඩක් නෑ.සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල. කිරියා….කිරියා….

සද්දේ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියේ කාර් සේල් එකෙන් මට කාර් එකක් අරගෙන වරෙන්.

රුපියල් 10 අතට ගත්ත කිරියා බෘම් ගාගෙන හන්දිය පැත්තට දිව්වා.

බලපන් මු කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10 කොහෙද බන් කාර් දෙන්නේ.

ඔය කිව්වට මගේ එකත් ඔය වගේම තමයි ඔන්න බලපන්. .කළුවා මෙහෙ වරෙන් ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල..

කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.

ඔන්න බලපන් මේකා කොච්චර මෝඩයෙක්ද කියල.

මෙහෙම ටික වෙලාවක් යනකොට කිරියයි කලුවයි මගදී හම්බ උනා.. කිරියා උඹ කොහෙද යන්නේ කළුවා ඇහුව.

බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නවා නේද ඕක හෙන මෝඩයා බන් වෙන එකෙක් නම් මෙලහකත් අස් වෙලා ගිහින් බලපන් මු අද මට රුපියල් 10 දීල කියනවා කාර් එකක් අරගෙන වරෙන් කියල මුට පිස්සු බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ.

ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමයි.මු මට කතා කරලා කියනවා ගිහින් ගෙදර ඉන්නවද කියල බලන් වරෙන් කියල ඔය ගස් ගෙම්බා ලග ෆෝන් එකක් තියනවා කෝල් එකක් දීල බලන්න බැරිද බන් මාවම කන්න හදන්නේ…..
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි.

No comments:

Post a Comment