Wednesday, July 24, 2013

කවුද නියම මෝඩයා...!!

කවුද නියම මෝඩයා...!! -
>>>>>>>>>>>>>>>>>

*
ඔන්න එක බාබර් කෙනෙක් හිටියාලු...මේ සැලෝන් එකෙන් හැමදාම (හැමදාම කිවුවට කොණ්ඩේ වැවුනාට පස්සේ....හරිද....?? ) කොණ්ඩේ කපන එක මිනිහෙක් හිටියාලු...
ඔන්න මේ වගේ කොණ්ඩේ වැවුන දවසක මේ මිනිහා ආවාලු කොණ්ඩේ කපාගන්න....දැන් ඔන්න මිනිහා මිනිහාගේ වාරේ එනකල් වාඩිවෙලා ඉන්නවාලු කොණ්ඩේ කපාගන්න........
මේ සැලෝන් එකේ බාබර් කාරයා ඉතින් හෙන කයිවාරු කාරයාලු.......පුලුවන් නම් Pizza කුලුන ඇල කලෙත් මිනිහා කියලා කියන්න පුලුවන් ජාතියේ එකෙක්ලු....හැම වෙලාවෙම ඉතින් හෙන වැඩකාරයා කියලා තමයිලු ඉතින් පෙන්නගෙන ඉන්නේ.....
ඔන්න ඉතින් මේ කියන දවසෙත්......

බාබර් : ' සර්.....සර් දන්නවද ඔය එහා පැත්තේ කඩේ ඉන්න පොඩි කොල්ලාව.....ඕකා හෙන මෝඩයා.....මට පුලුවන් ඕනෙම වෙලාවක ඕකව අන්දන්න....' කියලා පොර Talk එකක් දුන්නලු

එතකොට......

මිනිහා : ' කොහොමද......' කියලා ඇහුවාලු

ඊට පස්සේ......

බාබර් : ' ටිකක් ඉන්නකෝ සර් පෙන්නන්න......'

කියලා අර පොඩි එකාට එන්න කිවුවාලු.....මූත් ඉතින් ආවාලු..........
ආවට පස්සේ Rs.10 කොලේකුයි, Rs.20 කොලේකුයි මූට පෙන්නුවාලු......
පෙන්නලා............

බාබර් : ' හරි මේ කොල දෙකෙන් කැමති කොලයක් ගනින්කෝ එහෙනම්.....' කියලා පොඩි එකාට කිවුවාලු

අරූ ඉතින් පැනපු ගමන් Rs.10 කොලේ ගත්තාලු....අරන් දිවුවාලු එලියට
පොඩි එකා ගියාට පස්සේ කින්ඩි හිනාවක් එහෙම දාලා

බාබර් : ' දැක්කද සර්.....මම කිවුවේ මම ඕකව අන්දනවා කියලා.......දැක්කනේ Rs.20 කොලේ තියෙද්දී මූ මෝඩයා වගේ ගත්තේ 10 කොලේ.......' කියලා ලොක්කා වගේ කිවුවාලු

ඉතින් කොණ්ඩේ එහෙමත් කපාගෙන ඉවර වෙලා අර මිනිහා යනකොට දැක්කාලු අර පොඩි එකා පාර අයිනේ ඉදන් Ice Cream එකක් කකා ඉන්නවා....
කෝකටත් කියලා පොඩි එකා ලගට ගිහින්.....

මිනිහා : ' පොඩි එකෝ....මට උබෙන් අහන්න දෙයක් තියෙනවා....ඇයි බං අර බාබර් ගේ අතේ Rs.20 කොලයක් තියෙද්දී මෝඩයා වගේ Rs.10 කොලේ අරගෙන ආවේ..කෙලින්ම 20 කොලේ ගන්න තිබුනානේ..........' කියලා පොඩි එකාගෙන් ඇහුවාලු

එතකොට..........

පොඩි එකා : ' නෑ මාමේ........මම නෙවෙයි ඔය බාබර් තමයි නියම මෝඩයා..........ඔය මිනිහා හැමදාම කවුරු හරි කොණ්ඩේ කපාගන්න ආවාම මේ විදියට කොල දෙකක් පෙන්නලා මට ගන්න කියනවා.....මම අඩු කොලේ ගත්තාට පස්සේ මම තමයි මෝඩයා කියලා පෙන්නන්නයි මිනිහාට ඕනේ.......' කියලා කිවුවාලු

එතකොට........

මිනිහා : ' ඉතින් පොඩි එකෝ......උබ අඩු කොලේ අරන් මෝඩයා උනානේ......' කියලා කිවුවාලු

එතකොට පොඩි හිනාවක් දාල......

පොඩි එකා : ' අයියෝ මාමා ත් බාබර් කාරයා වගේම මෝඩයෙක්නේ......ඇයි මාමේ තේරෙන්නේ නැද්ද මම වැඩි කොලේ ගත්තු දවසට ඔය සෙල්ලම ඉවර වෙනවා කියලා.......එතකොට මට ලැබෙන්නේ Rs.20 ක් විතරයි....ඒත් මම අඩු කොලේ ගන්න තාක් කාල් ඔය මෝඩ යකාගෙන් මට හැමදාම Rs.10 ගානේ ලැබෙනවානේ මාමේ.......' කිවුවාලු

(
කවුද නියම මෝඩයා කියලා හිතලා බලන්න...............!! )
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

next
ඔන්න, පෙර රජ දවසක කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ.

ඔහොම කාලයක්යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා.

ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහයා පැනල වඳුරව මරාගෙන කෑව.

ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව.

ඊළඟ වාරේ කොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,

"
මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ?" ඉබ්බා කිව්වලු "මරු ඕයි වඳුරාගේ ජෝක් එක".

බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්................ 

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි.432435535

next

මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත.

දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි.

බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.

"
මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.

එදින රාත්රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත් වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.

"
දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ"

එදින රාත්රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.

එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.

එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්රමාද විය.රාත්රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.

අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.

රාත්රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ

"
ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.

වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.

ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි.
මෙය ලියන මම,මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ,ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී.
එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ් වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි.


මෙම කතාවෙන් ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න.


උපුටා ගැනීමක් !!!


No comments:

Post a Comment