Sunday, July 21, 2013

හමුදාවට අලුත බෑදුනු සොල්දාදුවන්ට ඉලක්කෙට වෙඩි තෑබිම සදහා ඉහල නිලදාරියෙක්

හමුදාවට අලුත බෑදුනු සොල්දාදුවන්ට ඉලක්කෙට වෙඩි තෑබිම සදහා ඉහල නිලදාරියෙක් යටතේ වෙඩි භුමීයට සියලුම සොල්ද්දාදුවන් කෑදෙව්වලු.

ඔන්න ඉතින් හමුදාවේ ලොක්කා වෙපන්ස් ගෑන විස්තර කරලා එහෙම වෙඩි තෑබීම ගෑනත් කියලා දීලා හෑමෝටම දුන්නලු වෙපන් එක ගානේ දෑන් ඉලක්කෙට වෙඩි තියන්න කියලා.

දෑන් ලොක්කා කිව්වලු මෙහෙම "පුතාලා ඔය වෙපන් එක අරගෙන හොද හුස්මක් එහෙම අරගෙන නිවෑරදි ඉලක්කේ අරගෙන මම ෆයර් කිව්ව ගමන් ඉලක්කෙට වෙඩි තියන්න" කියලා.

දෑන් කට්ටියම ඉතින් ලොක්කගේ අණ හිතට අරන් හොද හුස්මක් අරන් නිවෑරදි ඉලක්ක්කේ අරන් බලන් ඉන්නවලු ලොක්කා "ෆයර්" කියනකන්..

දෑන් ලොක්කා එකපාරටම "පුතාලා ලෑස්තිද එහෙනම් හොද හුස්මක් ගන්න..රායි...ට් ෆයර්" කිව්වලු..

දෑන් කොල්ලො එක හුස්මට පට පට ගාලා වෙඩි තිබ්බලු.ඒත් එක පොරක් කිසිම සද්දයක් බද්දයක් නෑතුව ඔහේ බලාගෙන ඉන්නවලු.ලොක්කා මේක දෑකලා පොඩ්ඩක් සෑරෙන් කිව්වලු "

"
මම මේ කමාන්ඩ් කරන්නේ ඔක්කොටම, ඔක්කොම හරියට අණ පිලිපදින්න ඕනේ" කියලා..

එහෙම කියලා ලොක්කා දෙවනි පාරටත් කිව්වලු" ෆයර්" කියලා දෑන් කොල්ලො ටික ආපහු එක දිගට හරහට වෙඩ් තියනවලු..

එත් අර පොර නෙවේලු එක වෙඩිල්ලක් තිබ්බේ..ලොක්කාට දෑන් මල පෑනලා මෑන් ගාවට ගිහින් "මොකද්ද වෙලා තියෙන්නේ තමුන්ට මම කියන දේ තේරෙන්නේ නෑද්ද මාව විහිලුවකට ගත්තද" කියලා පොරට බනිනවලු..

මේක දිහා බලගෙන හිටපු රෙජිමේන්තු බාර උසස් නිලදාරියා මේ ඩබල ගාවට ඈවිත් කිව්වලු

"
ඔය ලමයට නිකන් කෑගහන්න එපා" කියලා අණ දෙන ලොක්කට.ඊට පස්සේ පොර මෙහෙම ඈහුවලු"පුතා මොකද්ද ඔයාගෙ ගම" කියලා

පොර කිව්වලු "දඹානේ" කියලා..ඊට පස්සේ ලොක්කා කිව්වලු "හරි පුතා අපි එහෙනම් වෑඩේ පටන් ගමු" කියලා.

ලොක්කා ඊට පස්සෙ මහ හයියෙන් "අඩා ඌරා ගිනි පොජ්ජගන්, හුස්ම පොජ්ජ තදකරන් ගිනි පිබපිය" කිව්ව විතරයි අරු තිබ්බේ නෑතෑ ඉලක්කේ කුඩු වෙන්නම..
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි.
next

ඔන්න අපේ ජනාධිපතිතුමා එංගලන්තේ සංචාරේක ගිය ගමන බකිංහැම් මාලිගාවට ගියාලු මහා රැජින බැහැ දකින්න.
එංගලන්තේ හැම කටයුත්තක්ම බොහොම විනයානුකූලව සිදු වෙනවනෙ.ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕනි නෑ නේ.ඉතින් ජනාධිපති තුමාට හරිම පුදුමයි ලු කොහොමද මෙහෙම වෙන්නේ කියල.
ඉතින් රැජින එක්ක සතුටු සාමීචියේ දීගෙන ඉන්නකොට ජනාධිපතිතුමාට ගැන රැජිනගෙන් අහන්න හිතුනලු.

ජනාධිපති තුමා : රැජිනියනි,ඔබතුමියගේ රටේ හැම වැඩක් බොහොම ක්රමානුකූලව සිදු වෙනවා.මොකක්ද මේකේ රහස..?

රැජින : මේකනේ මිස්ට මහින්ද.මගේ රටේ ඇමතිවරු මන්ත්රීවරු බොහොම බුද්ධිමත්.කෙලින් කතා කරන, විදිහට වැඩ කරන මිනිස්සු. නිසා තමා අපේ රට දියුණු වෙන්නේ.ඉන්නකෝ මම ඔයාට ඔප්පු කරලා පෙන්නන්න.

මෙහෙම කියපු රැජින එංගලන්තේ අගමැති ඩේවිඩ් කැමරන් කෝල් එකක් ගත්තලු.

රැජින: මිස්ට කැමරන් මම දැන් ඔයාගෙන් ප්රශ්නයක් අහනවා.ඔයාගේ තාත්තට ළමයෙක් ඉන්නවා.එයා ඔයාගේ සහෝදරයෙක්වත් සහෝදරියක්වත් නෙවේ.එහෙනම් එයා කවුද..??

කැමරන් : මමනේ රැජිනියනි.

තත්පර පහක්වත් ගන්නේ නැතුව කැමරන් ප්රශ්නෙට උත්තර දුන්නලු.
කොහොමහරි සංචාරය නිමා කරලා ලංකාවට ආව ජනාධිපතිතුමා එතුමාගේ ඇමතිවරුන් ගේ බුද්ධි මට්ටම පරීක්ෂා කරලා බලන්න හිතක් පහල වෙලා එතුමාව මුණ ගැහෙන්න ආව ජී.එල් පීරිස් මහත්තයාගෙන් අර ප්රශ්නේ ඇහුවලු.

අනේ ඉතින් මහත්තයා අහස පොලොව ගැටගහන්න කල්පනා කරනවලු කරනවලු.ම්හු උත්තරයක් දී ගන්න බැරිලු.මල පැන්න ජනාධිපති තුමා "මොනාද ඔයි තමුසෙට මෙච්චර ලේසි ප්රශ්නෙකට උත්තර දීගන්න බැරි ..?? හරි මම පැය 24 ක් කල් දෙන්නම්.උත්තරේ හොයාගෙන ඇවිත් මට කියන්න" කියල කිව්වලු.

ජී.එල් මහත්තයා ගෙදර ආව ගමන් කෝල් එකක් ගත්තලු එස්.බී දිසානායක ඇමතිතුමා .එතුමගෙනුත් ප්රශ්නේ ඇහුවට එතුමා උත්තරේ දන්නෙත් නෑ ලු.උත්තරේ මොකක්ද කියා කියා කල්පනා කරනකොට එස්.බී මහත්තයා එක පාරටම කිව්වලු "අපේ චම්පික නම් මේකට උත්තරේ ෂුවර් එකටම දන්නවා ඇති.අපි මිනිහට කෝල් එකක් දීල බලමු" කියල.

චමිපික මහත්තයාට කෝල් එකක් දීල ප්රශ්නේ කිව්වම එතුමත් කිව්වලු ".. මමනේ" කියල.
ඔන්න ඉතින් අර දෙන්නට ෆුල් සැටිස්.දෙන්නම ගියාලු හවස ජනාධිපතිතුමා බැහැ දකින්න.

ජනාධිපතිතුමා : ..දෙන්නම ආවද..? මොකද හොයාගත්තද මගේ ප්රශ්නෙට උත්තරේ..?

ඩබල : එහෙමයි.උත්තරේ තමා චම්පික රණවක.

ජනාධිපතිතුමා : (මල පැන) තමුසෙලාට ඇමතිකම් දුන්නටත් පාඩුයි ඕයි.මෙච්චර ලේසි ප්රශ්නෙකට උත්තරේ දන්නේ නැති තමුසෙලා කොහොමද මම බාර දෙන වැඩ හරියට කරන්නේ..?

ඩබල : (ඉතා අහිංසක ලීලාවෙන්) එහෙනම් හරි උත්තරේ මොකක්ද ජනාධිපති තුමනි..?

ජනාධිපතිතුමා : උත්තරේ ඩේවිඩ් කැමරන් නේ

No comments:

Post a Comment