Wednesday, July 17, 2013

වන්දිය -------------

වන්දිය
-------------

එක ගොවිපොලක දිමුත් කියලා අයිතිකාර මහත්තයෙක් කොම්පැනියකින් අලුත්ම වෑන් එකක් අරගෙන එනකොට වෑන් එකේ බ්රේක් වැඩ කරන්නේ නැතිව කණුවක හැප්පිලා එයාට ගොඩක් තුවාල උනාලු.
සති කීපයකට පස්සේ මේ දිමුත් කියන මනුස්සයා උසාවියේ නඩුවක් දැම්මලු වෑන් එක ගත්ත කොම්පැනියට විරුද්දව වෑන් එකට සහ එයාට උන තුවාල වලට අලාභය ඉල්ලලා.
ඔන්න දැන් වෑන් කොම්පැනියේ ලෝයර් මහත්තය අර මිනිහගෙන් මෙහෙම අහනවලු.
ලෝයර් : ඔය නතුර උන අවස්ථාවේදී එතනට පොලිසිය පැමිණුනාම ඔබෙන් පොලීසියේ මහත්තය ඇහුවම ඔබට කරදරයක්ද කියලා, ඔබ පොලීසියට කිව්වා නේද නැහැ මට කිසි ප්රස්නයක් නැහැකියල.
දිමුත් : සුවාමිනි, මම එදා මගේ ළඟ හිටපු හොඳම බූරුවා වෑන් එකේ දාගෙන ………
ලෝයර්: කරුණාකර මගේ ප්රශ්නයට කෙලින් උත්තරයක්දෙන්න. ඔබ පොලිස් නිලදාරියට කිව්වා නේද ඔබට කිසි කරදරයක් නැහැ කියල.
දිමුත් : සුවාමිනි, බූරුවා තමයි මගේ ළඟ හිටපු හොඳම එකා. එදා මම ඌවත් අරන්…….
ලෝයර්: (නඩුකාරතුමට) සුවාමිනි, කරුණාකර මේ මනුස්සයාට කියන්න අනම් මනම් නැතිව මගේ ප්රශ්නෙට විතරක් උත්තර දෙන්න කියල.
නඩුකාරතුමා: (ලොයර්ට) කමක් නැහැ, දිමුත්ට එයාගේ බූරුවා ගැන කියන්න ඉඩ දෙන්න.
දිමුත් : ස්තුතියි සුවාමිනි, එදා මම මගේ ළඟ හිටපු හොඳම බූරුවත් අරන් වෑන් එකේ දාගෙන මගේ ගෙදරට එනකොට එකපාරටම ඉදිරියෙන් ආපු ලොරිය මගේ වෑන් එක පැත්තට ආපු නිසා මම අනතුර වලක්වන්න බ්රේක් ගැහුවා. ඒත් බ්රේක් වැඩ කරන්නේ නැතිව වෑන් එක ගිහින් ගහක හැපිලා පෙරලුනා. මට ගොඩක් තුවාල උනත් මම මුලින්ම බැලුවේ මගේ බූරුවට උනේ මොකක්ද කියල.
කියන්න දුකයි සුවාමිනි, මගේ බූරුවාගේ කකුල් හතරම කැඩිලා පන ඇද ඇද හිටියේ. මටත් හොඳටම තුවාල වෙලා නැගිට ගන්නවත් බැහැ.
එතකොටම පොලිසියේ රාලහාමි කෙනෙක් ඇවිත් මගේ දිහා බලල බූරුවා ලඟට ගිහින් උගේ තත්වයත් බලල, පිස්තොලේ අරන් බූරුවට වෙඩි තිබ්බ. එතනම මලා.
ඊට පස්සේ මගේ ලඟට ඇවිත් පිස්තෝලේ වන වනා මට කව්වා, “ඔයාගේ බූරුවාගේ තත්වය ගොඩක් නරක නිසා මම ඌට වෙඩි තියල දැම්ම. ඔබට කොහොමද?”
මට තේරුණා සුවාමිනි ඊට පස්සේ වෙන්නේ මොකක්ද කියල. ඉතින් මම රාලහාමිට කිව්වා, “මට කිසිම කරදරයක් නැහැකියල.
මම එහෙම නොකිව්වානම්, මටත් වෙන්නේ බූරුවට වෙච්ච දෙයමයි, නේද හාමුදුරුවනේ! 
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ.  

No comments:

Post a Comment