Thursday, July 18, 2013

facebook ඇබ්බැහි වීමේ ලක්ෂණ joke

facebook ඇබ්බැහි වීමේ ලක්ෂණ

1.
උදෑසන අවදිවීමෙන් පසු ඔබ කරන පළමු කර්ය facebook log වීම නම්,

2.
ඔබ සිතා ගත් වේලාවටත් වඩා කාලයක් facebook online ඉන්නවා නම්,

3.
ඔබ facebook online සිටින කාලය වැඩි යැයි ඔබේ මිතුරන් දොස් කියනවා නම්,

4.fb
ක්රියා කාරකම් ඔබේ පෞද්ගලික ජීවිතයට බලපැම් කරනවා නම්,

5.
ඔබ fb online සිටින කාලය වැඩි යැයි ඔබේ මිතුරන් පැවසූ විට ඔබ තරහ ගන්නවා නම්,

6.
කම්පියුටරයේ online වැඩ නිසා ඔබ නින්ද සහ කෑම නොසලකා හරිනවා නම්,

7.
ඔබ අන්තර්ජාලයේ වෙනත් වැඩක සිටින විටත් online chating ගැන නිතර නිතර අවධානය යොමු කරනවා නම්,

8.
සැබෑ ජීවිතයේ මිතුරන්ට වඩා facebook මිතුරුකම් නඩත්තු කරනවා නම්,

9.
ඔබට log out වීමට අවශ් උවත් තව සුලු වෙලාවක්රැදී සිටීමට හිත කියනවා නම්

10.
කුමන හෝ දුෂ්කරතාවක් නිසා facebook භාවිතය මගහැරුණු විට කාංසාව,කණගාටුව ඇතිවෙනවානම්, එවන් අවස්ථාවල facebook ගැන කතාකිරීමට සහ තමන් නැති අතර කුමන දෑ post කරන්න ඇත්දැයි සිතනවානම්

11.
සැබෑ ජීවිතයේදී අළුත් මිතුරන් හමුවී වෙන් වෙන මොහොතේ "facebook එකේදි කතා කරමු" "fbඑකේදි meet වෙමු" යනුවෙන් පවසනවා නම්

මෙම ලක්ෂණයන්ගෙන් සැලකිය යුතු ප්රමාණයක් ඔබ ඔබ තුල දකිනවා නම් ඔබද (FAD) Facebook Addiction Disorder] face book ඇබ්බැහි වීම තත්වයට ගොදුරුව ඇත. එසේ නම් facebook ඔබගේ සාමන් කටයුතු, පාසල් වැඩ, කාර්යාලයේ වැඩ,සමාජ සබඳතා ආදියට බධා ඇති කරයි. එම තත්වයෙන් අත්මිදීම නිසැකවම කළ යුත්තකි.

 ..........................
next
ෆේස්බුක් තුල ඉන්න
ලාංකීයයන් 90%
සම්පූර්ණ මානසික
ලෙඩ්ඩුය. අනික් 10%
ෆේස්බුක් එන්න වෙලාවක්
නැත.
සමහරුන්ට සිංගල්
මේනියාව . උන් හැම
තිස්සෙම කෙල්ලෙක්
නෑ කිය කිය දුක් විදින
අතර එක එක පේජ් වලින්
තමන් සිංගල් වීම ගැන
ආඩම්බර යැයි කියවති.
මුන්ගෙන් කනක් ඇසීමට
නැත. Wall වනසයි.
සමහර උන්ට ෆේක්
මේනියාව . එකාට ෆේක්
අකවුන්ට් කීපයක් ඇත.
එකකින් පෝස්ට්
දමා තමන්ගේම අනිකෙන්
එකට කමෙන්ට්, ලයික්
කරගෙන ස්වයං ආතල්
එකක් ගනිති.
මේ අතර හුදෙක් විනෝදය
සදහා ෆන් එකක් ගැනීමට
පමනක්ම කල්ලි ගැසෙන
ෆේක් සෙට් එකක්ද
නැතුවාම නොවේ.
සමහරුන්ට Film
මේනියාවය. බලල නැතත්
කොහෙන් හෝ කෑල්ලක්
හොයාගෙන අලුත්ම Film
එක ගැන ඉවරයක් නැතුව
කියවයි. අලුත්ම ට්රෙන්ඩ්
එක "මම රාජ කුමාරයෙක්
නෙවෙයි, අහවල් එකෙක්"
සමහරු හැක්ර්ලාය.
තවත් සමහරු
මයික්රොසොෆ්ට්, ගූගල්,
ෆේස්බුක් වැනි ආයතන
වල ලොක්කන්ය.
තව සමහරු උදේ දවල් රෑ,
තුන් වේලටම
කන්නේ "Linux" .
තව ෆේස්බුකිය
ඉස්පිරිතාලෙ කරගත්තු
උන්ද සිටි. උන්
හිසේ කැක්කුමටත්
දුවගෙන එන්නෙ ස්ටේටස්
එක දාන්නටය.
"
අම්මියෝ මගෙ ඔලුව
රිදෙනවෝ"
තව
ෆොටෝමේනියා කාරයන්ද
සිටි. උන්ගෙ වැඩේ එක
එකාගෙ කාර් වෑන් ලඟ
හිටගෙ ෆොටෝ ගහල
බුකියට දාන එකය. එහෙම
නැත්තං T-shirt එක
විතරක් මාරු කරල එක
එක හැඩේට ඉදලා එක
එක ෆොටෝ ගහල දාන
එකය.
ලොකුකම කියවන උන්ද
අම්බානෙට ඇත.
ලංකාවේ ඉන්න ලොකුම
සල්ලි කාරයෝ සෙට් එක
තමා උන්. iPhone 5
Release
කරන්ඩත් කලින්
උන්ට ලැබී ඇත.
මේ අතර දාර්ශනිකයන්ද
සිටී.
ක්රිකට් පුහුනු කරුවන්ද.
ව්රෙස්ලින් කාරයන්ද, PC
Game
කාරයන්ද බහුලය.
මෑතක ඉදන් ෆේස්බුක්
සිංහලයන්ද, ෆේස්බුක්
බෞද්ධයන්ද බහුලය. උන්
ගැන කතා කර වැඩක්
නැත.
තව JVP කාරයන්ද, UNP
කාරයන්ද, මහින්දට
ගොට්ට අල්ලන උන්ද
සිටියි.
තව ලයික් හිඟා කන
උන්ද, ලයික්
රත්තරං මෙන් පරිස්සම්
කරන උන්ද, විනෝදය
සදහා ඇති ගෲප්
තමන්ගේ මානසික
අසහනය පිනවන්නට
යොදාගන්න උන්ද පිරී
ඇත. මුන්ගෙන් නම්
ඇත්තෙ පුදුම වදයකි.
කෙල්ලංගෙ නම් වැඩි
ආබාද ගතියක්
පෙනෙන්නට නැත.
උන්ගෙ වැඩේ ඉතිං පූසෙක්
හරි හොරිකඩ බලු
පැටියෙක් හරි
ශෙයා කරල ආනේ ස්වීට්
ගාන එකය.
කෙල්ලන් තුල බහුලව
ඇත්තේ Friend Request
එකක් Marriage Proposal
එකක් විදියට හිතන
ලෙඩේ පමණය.
මේ අනුව මාගෙ නිගමනය
90%
ලාංකික ෆේස්බුක්
කරුවන් මානසික
ලෙඩ්ඩුය. උන්ට බෙහෙත්
නැත.
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. 

No comments:

Post a Comment