Wednesday, July 17, 2013

පිස්සු කතාවක්

 පිස්සු කතාවක්  

ඔන්න එකෝමත් එක දවසක තමන්ගේ පිස්සු පුතාගේ සැප දුක බලන්න එයාගේ තාත්තා ගියාලු පිස්සන්කොටුවට. (තාත්තට පිස්සු නැහැ හොඳේ!) මේ වයසක තාත්තා පිස්සන්කොටුවට ගිහින් තියෙන්නේ පිස්සන්ට සෙල්ලම් කරන්න වෙන්කරපු වෙලාවකලු!

ඉතින් පිස්සන්කොටුවේ පිස්සන්ව බලාගන්න මනුස්සයෙක් ඇවිත් මේ තාත්තාට කිව්වලු පිට්ටනියේ පැත්තක තිබුණු බැංකුවකට වෙලා වාඩිවෙලා ඉන්න කියලා පුතාව එක්කරගෙන එනකන්.ඉතින් මේ මනුස්සයත් වාඩිවෙලා ඉන්නවලු.මෙහෙම ඉන්නකොට ඈත ඉඳන් වෙන පිස්සෙක් දුවගෙන ඇවිත් , ටිකක් දුරින් නතරවෙලා මේ මනුස්සයා දිහා බලන් ඉන්නවලු කන්න වගේ! හෙනම දරුණු බැල්මකුත් දාගෙන! ඔලුව හරවා හරවා , හරියට ලොකු පොරේකට ලැහැස්තිවෙන මී හරකෙක් වගේ!!

මේ වයසක මනුස්සය ටිකක් බය වුනාලු සීන් එකට! කෝකටත් කියලා මනුස්සය නැගිට්ටලු වාඩිවෙලා උන්නු තැනින්! දැන් ඔන්න අර පිස්සා තව ටිකක් ඔරවල බලනවලු! දැන්නම් එන පොට හොඳ නැති බව මේ වයසක මනුස්සයට තේරුණා!!

ඒක තේරිලා ඉවර වෙන්නත් කලින්ම , අර පිස්සා පස් විසිකරගෙන ඔලුව ඉස්සරහට දාගෙන කුළු හරකෙක් වගේ පිඹගෙන දුවගෙන එන්න පටන් ගත්තලු මේ වයසක මනුස්සය දිහාවට! හිතන්න වෙලාවක් නැහැ , මිනිහත් ගත්තලු සරම කරට , දිව්වලු පසු නොබලාම!!

ඔන්න ඉතින් දැන් හිතාගන්නකෝ සීන් එක! වයසක මනුස්සයෙක් දුවනවා පන බේරගන්න , පිස්සෙක් පස්සෙන් දුවගෙන එනවා හරකෙක් වගේ පිඹ පිඹ! එක වටයයි , දෙකක් , තුනයි... පිට්ටනිය වටේ දුවනවලු දෙන්නත් එක්කම!

ඉතින් ඔහොම යනකොට වයසක මනුස්සයට හොඳටම හති වැටුනලු! කරන්නම දෙයක් නැහැ! ඕනි මගුලක් වෙච්චාවේ කියලා මේ මනුස්සය දුවන එක නැවැත්තුවලු! දැන් අර පිස්සා ළඟම එනවලු! මේ මනුස්සයත් දැන් බයේ ගැහි ගැහි ඉන්නවලු! ළඟටම ආපු පිස්සා , මේ වයසක මනුස්සයාගේ අතට පොඩි තට්ටුවක් දාලා කිව්වලු ,

"
!!! මම අන්කල්ව ඇල්ලුවා!! දැන් අන්කල් ඇවිත් මාව අල්ලන්න"

කියලා අනිත් පැත්ත හැරිලා කැලේ කඩාගෙන දුවන්න පටන් ගත්තලු!අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. 
 

No comments:

Post a Comment