මම කුඩා දැරියක්ව සිටි කාලයේ මගේ මව සතියකට වතාවක්වත් විශේෂ ආහාර වේලක් පිලියෙල කිරීම පුරුද්දක්ව කරගෙන සිටියාය.එසේ විශේෂ ආහාර වේල් සැකසූ දින සිය ගණනක් ඇතත් ඉන් එක් දිනයක් තවමත් මගේ මතකයේ හොදින් සටහන් වී ඇත.
දිනක් කාර්යාලයේ විඩාබර දිගු දිනයක් අවසානයේ නිවසට පැමිනි මගේ මව වහාම මුලුතැන්ගෙයට වැදී පියා සහ මා වෙනුවෙන් විශේෂ රාත්රී ආහාර වේලක් සැකසුවාය.රසවත් ආහාර වේලක රස බැලීමේ අරමුනෙන් රාත්රී කෑම මේසයට වාඩි වූ මගේ බලාපොරොත්තු බිද වැටුනි.මව අප වෙනුවෙන් සොසේජස් සහ බිත්තර සමග ආහාරයට පාන් ටෝස්ට් කර තිබූ නමුත් පාන් පෙති සියල්ල කර වී තද දුඹුරු පැහැයට හැරී තිබුනි.
බලාපොරොත්තු කඩ වූ දෙනෙතින් මම මව දෙස බැලූ අතර ඇගේ මුහුනේ ඇදී තිබුනේ අපෙන් සමාව ඉල්ලන සුලු බැල්මකි.පියා ඇයට බැන වැදෙනු ඇතැයි සිතා මම පියා දෙස බැලූ නමුත් ඔහුගේ මුහුනේ කිසිදු වෙනසක් මා දුටුවේ නැත.මවට සිනහවකින් සංග්රහ කල ඔහු කර වූ පාන් පෙති කිහිපයක් තම පිගානට දමා ගත් අතර සුපුරුදු පරිදි මගෙන් එදින පාසලේ කටයුතු පිලිබදව ඇසීය.එදින රාත්රියේ මම ඔහුට දුන් පිලිතුර මට මතක් නැති මුත් බිත්තර සහ සොසේජස් සමග පිගානට දමා ගත් සෑම කර වූ පාන් පෙත්තක්ම ඔහු රස කර කර ආහාරයට ගත් අයුරු නම් මට අමතක නොමැත. සොසේජස් සහ බිත්තර පමනක් ආහාරයට ගත් මා කෑම මේසයෙන් නැගිට ඉවත්ව යාමේදී මට ඇසුනේ මගේ මව පියාගෙන් පාන් පෙති කරවීම පිලිබදව සමාව අයදින ආකාරයයි.
"මම කර වුනු පාන් කන්න ගොඩක් කැමතී " ඒ පියා මද සිනහවක් සමගින් මවට දුන් පිලිතුරයි.
එදින රාත්රී නින්දට යාමට පෙර පියා අසලට ගිය මා ඔහුගෙන් ඇසුවේ සත්‍ය වශයෙන්ම ඔහු කර වුනු පාන් කෑමට කැමතිද යන්නයි. මාව තුරුලට ගත් ඔහු පැවසූ වදන් අද වන තෙක්ම මගේ සිතේ තදින්ම සටහන්ව ඇත.
"දුවේ අද දවසම අම්මා ඔෆිස් එකේ ගොඩක් මහන්සි වුන දවසක්,එයා ගොඩක් මහන්සියෙන් හිටපු නිසා පාන් කර වෙන්න ඇත්තේ, එක වේලකට කරවුනු පාන් කෑවා කියලා අපි කාටත් හිරිහැරයක් වෙන්නේ නෑනේ දුවේ"
එදින රාත්රියේ නිදා ගැනීමට ඇදට ගියත් මම බොහෝ වේලාවක් යන තුරුත් කල්පනා කලේ එදින වූ සිද්ධිය සහ පියාගේ කරුණාවන්තකම පිලිබදවයි.
එම සිද්ධිය වසර ගණනාවක් පුරා මගේ මතකයේ රැදී තිබුනු අතර පසුගිය සතියේ මගේ සැමියා වන ජැක් සහ මා රාත්රී ආහාරය සදහා වාඩි වූ විට මුහුන දුන් සිද්ධියක් නිසා එම මතකය අලුත් විය.
එදින කාර්යාලයේ වැඩ අධික දිනයක් වූ බැවින් මා නිවසට එනවිට බොහො ප්රමාද විය.රාත්රී ආහාරය සදහා සොසේජස් සමග ආහාරයට ගැනීමට පාන් පෙති කිහිපයක් ටෝස්ටරයට දැමූ මා නාන කාමරයට වැදුනේ අධික මහන්සිය නිවා ගැනීමට ස්නානය කිරීමටයි.
අධික වෙහෙස නිසා මටත් නොදැනීම බොහෝ වේලාවක් මා නාන කාමරයේ ගත කල අතර අවසානයේ පිටතට පැමින මුලුතැන් ගෙයට ගිය මා දුටුවේ පාන් පෙති අධික ලෙස කර වී ඇති ආකාරයයි.
රාත්රී ආහාර මේසයේදී මට මහත් අපහසුවක් දැනුනු අතර ජැක් කර වූ පාන් පෙති පිලිබදව යමක් පවසන තුරු මම බලාගෙන සිටියෙමි නමුත් ඔහු කිසිවක් නොපැවසූ අතර පාන් පෙති තුනක්ම අපහසුවකින් තොරව ආහාරයට ගත්තේය.එම කාලය පුරාම මා ඔහුගෙන් ඇනුම් පදයක් එල්ලවන තුරු බලා සිටි නමුත් ආහාර වේල අවසානයේ ඔහු පැවසුවේ
"ඔයාට ගොඩාක් ස්තූතියි අද රෑ කෑම පිලියෙල කලාට, මම දන්නවා අද ඔයාට ගොඩාක් මහන්සි දවසක් " යන්න පමනි.
වසර ගණනාවකට කලින් මා කුඩා දැරියකව සිටියදී මගේ පියා පිලිබදව මතකය මගේ සිහියට නැගුනි, කර වූ පාන් කැබැල්ලකට තම විවාහ දිවිය පලුදු කිරීමට ඔහු ඉඩ නොදුන් අතර එවැනිම වූ සැමියෙකු ලැබීම පිලිබදව මා බෙහෙවින් සතුටු විය.
ජීවිතය යනු අසම්පූර්ණ පුද්ගලයන් සහ අසම්පූර්ණ දේවල් වල එකතුවකි.
මෙය ලියන මම,මෙය කියවන ඔබ සහ ඔබ අවට සිටින සියළුම දෙනා අසම්පූර්ණ පුද්ගලයන් වේ,ඔවුන් තුල නොයෙකුත් අඩුලුහුඩු කම් පවතී.
එම නිසා යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වන්නේ අඩුපාඩු නොමැති සර්ව සම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක් වීම නොව එකිනෙකා තුල පවතින අඩුපාඩුකම් තේරුම් ගත හැකි ඒවා ඉවසිය හැකි අසම්පූර්ණ පුද්ගලයන් දෙදෙනෙකුගේ එක්වීමයි.
මෙම කතාවෙන් ඔබේ ජීවිතයට යමක් එක් කරගන්න.
උපුටා ගැනීමක් !!!

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති කරුවන්ට හිමිවේ. උපුටා ගත්තකි.
කෙල්ලෝ සහ කොල්ලෝ.
1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා
2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ඒ වුණාට එයාල අඬන්නෙ කවුරුහරි එයාල අඬන බව අහගෙන ඉන්නවා නම් විතරයි, තනියම ඉන්නවා නම් කෙල්ලෝ අඬන්නේ නෑ
3. කෙල්ලෝ කෘමියන්ට බයයි, චණ්ඩිම කෙල්ලෙක්ට වුනත් මකුළුවෙක් හරි කැරපොත්තෙක් හරි ආවාහම කොල්ලෙක්ව ඕනේ වෙනවා ඌව පන්නාගන්න
4. කෙල්ලෝ toilet යන්නෙත් කණ්ඩායම් විදියට. එහෙම කරන්නේ ඒක ඇතුලෙදිත් එයාලට කයිවාරු ගහන්න පුළුවන් නිසා. කොල්ලෝ කවදාවත් කියන්නේ නෑනෙ "මචං අපි දෙන්නා toilet ගිහින් එන්න යමුද ?" කියලා
5. ජීවිතේට දැකලාවත් නැති කෙල්ලෝ දෙන්නෙක් toilet එකට ගියාම ඒ දෙන්නෙ ජීවිත කාලෙම දන්න යාලුවෝ දෙන්නෙක් වගේ එළියට එන්න ඉඩ තියෙනවා. ඒ කෙල්ලන්ගේ හැටි
6. කෙල්ලන්ට තේරෙන්නේ නෑ කොල්ලෝ සෙල්ලම් බඩුවලට කැමති ඇයි කියලා, ඒ වුණත් කෙල්ලෝ දන්නේ නෑ කෙල්ලන්ට on/off ස්විච් එකක් තිබ්බනම් කොල්ලන්ට සෙල්ලම් බඩු ඕනේ නෑ කියලා
7. කෙල්ලෝ ෂැම්පූ ජාති තුනක්වත් සහ කන්ඩිෂනර් ජාති 2ක් විතර නාන්න ගියහම පාවිච්චි කරනවා, කෙල්ලෙක් නාල ඉවර වුනාට පස්සෙ බාත් රූම් එක පුරාම ඝර්ම කලාපීය වැසි වනාන්තරයක් වගේ සුවඳ ගහනවා, ඇයි ඉතින් ගාන ඔක්කොම දේවල් හර්බල් නේ
8. සාමාන්යයෙන් කෙල්ලන්ට පඩි ගෙවන්නේ කොල්ලන්ට වඩා අඩුවෙන්, ඒ වුණත් ඒක් තැනකදී ඒක වෙනස් වෙනවා, ඒකට තමයි මොඩ්ලින්ග් කියන්නේ
9. කෙල්ලෝ පූසන්ට ආදරෙයි, කොල්ලොත් ඉතින් කෙල්ලෝ ඉන්න තැන්වල කියනවා එයාලත් පූසන්ට ආදරෙයි කියලා, ඒ වුණාට කෙල්ලෝ නැති වෙලාවට කොල්ලෝ පූසන්ට ගහන්නේ පයින්
10. කෙල්ලෝ ෆෝන් එකෙන් කතාකරන්න මාර ආසයි, ඇත්තටම ඒක එයාලගෙ සහජ හැකියාවක්. යාළුවෙක්ගෙ ගෙදර සති දෙකක් නැවතිලා ඉඳලා ගෙදර ආවගමන් වුනත් ඒ යාලුවා එක්ක ෆෝන් එකෙන් පැය තුනක් කතාකරන්න දේවල් කෙල්ලෙක්ට තියෙනවා
11. කෙල්ලෙක්ට කඩේ යන්න, ගස් වලට වතුර දාන්න, ගේ අතුගාන්න, ෆෝන් එකට ආන්සර් කරන්න, පොතක් කියවන්න, ඊ මේල් බලන්න කලින් ඒ ඒ වැඩේ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගන්න ඕනා. කොල්ලන්ට නම් ඔය ඕන එකක් කරන්න ඇඳුමක් විතරයි ඕනා
12. කෙටි පාරක ගිහින් අතරමං වෙයි කියන බයට කෙල්ලෙක් හැතැම්ම ගාණක රවුමක් ගහන්න වුනත් සූදානම්
13. කෙල්ලෙක්ට මැප් එකක් කියවන්න බැහැ මැප් එක තමන් මුහුණලා ඉන්න පැත්තට හරවගන්නේ නැතුව
14. කෙල්ලෝ හැමතිස්සෙම හිතන්නේ තමුන් හරිම මහතයි කියලා, කෙට්ටුම කෙල්ලෙක් වුනත් පුලුවන්නම් බර අඩුකරගන්න වේට්ස් කරාවි
15. කෙල්ලෝ කොල්ලෝ එක්ක සමතැන ගන්න කතා කරනවා, ඒවුණට පුදුම වැඩේ කියන්නේ අල්මාරියෙන් බාගයක් කොල්ලට දෙන්න, පාරට කුණුගෙනිහින් දාන්න, බස් එකෙ ෆූට්බෝඩ් එකෙ යන්න වගේ අවස්ථාවලදි විතරක් එයාලට සමතැන එපාලුනේ.
16. ගමනක් යන්න ලැහැස්ති වෙනකොට කෙල්ලො ලෑස්තිවෙන්න පැය ගාණක් ගන්නවා, කොහොම හරි අන්තිමට ලෑස්තිවෙලා අදාල තැනට ගියාට පස්සෙ කරන්නේ අනික් කෙල්ලන්ගෙ ඇදයක් හොයන්න පරීක්ෂාවෙන් බලන් ඉන්න එක.
17. කෙල්ලෝ කොච්චර වෙන කොල්ලෝ දිහා හොරෙන් බැලුවත් කොල්ලට මීටර් වෙන්නෙ නෑ, ඒ වුනාට බොහොම කලාතුරකින් හරි කොල්ලා වෙන කෙල්ලෙක් දිහා බැලුවොත් අනිවා කෙල්ලට අහුවෙනවාමයි.
18. කෙල්ලෙක්ට තැනකට ගියාම වෙන්න පුලුවන් චාටර්ම වැඩේ තමුන් ඇඳන් ඉන්න ඇඳුමම තව කෙල්ලෙක් ඇඳන් ඉන්න එකයි, කොල්ලන්ට ඕකේ ගාණක් නෑ, ඔයාල කවදාවත් අහලා නෑනේ කොල්ලෙක් කියනවා, "අයියෝ අන්න අරූ මගෙ ජාතියෙම ඩෙනිමක් ඇඳලා, මට නම් බෑ තවත් මෙතන ඉන්න කියල කියනවා "

No comments:
Post a Comment