Wednesday, August 7, 2013

පියා නිවසේ නොමැති වෙලාවක මවක් තම පුත්ත්‍රයා සමඟ කල රහසිගත කතාබහක්..

පියා නිවසේ නොමැති වෙලාවක මවක් තම පුත්ත්රයා සමඟ කල රහසිගත කතාබහක්..

මව : පුතේ මට ඔයාට කියන්න ලොකු රහසක් තියෙනව..

පුතා : ම්ම්.. මොකක්ද අම්මා..?

මව : ඔයා මේක අහල මම ජරා අම්ම කෙනෙක් කියල හිතන්න එපා ඇත්තටම ඔය ගෙදර ඉන්නෙ ඔයාගෙ ඇත්ත තාත්ත නෙමෙයි..

පුතා : මොකක්..? මොනාද අම්මෙ මේ කියවන්නෙ..?? පිස්සු හැදෙන්නවත් එනවද.. මේව තාත්ත දැනගත්තොත් අපි දෙන්නවම මරල දායි..

මව : ඔව් පුතේ මම ඒක දන්නව ඒත් ඇත්ත මේකයි මීට අවුරුදු 25කට කලින් මම ඇමරිකාවෙ ඉන්නකොට මම යාලුවෙලා හිටිය කෙනා තමයි ඔයාගෙ තාත්ත..එයා වෙන ආගමක කෙනෙක් නිසා සීය අපේ සම්බන්දෙට කැමත් වුනෙනෑ.. ඔයා දන්නවනෙ සීය ගැන..

පුතා : හරි හරි ඒත් මට මේ තාත්ත හොදයි.. මට වෙන තාත්තල ඇමරිකාවෙ නෙමේ කොහේ හිටියත් ඕනෙ නෑ..මම මගෙ තාත්තට ආදරෙයි..

මව : හරි පුතේ.. ඒත් දැන් ඔයාගෙ ඇත්ත තාත්තට ඔයත් එක්ක වචනයක් කතාකරන්න ආසයි කියල කියනව..

මෙහෙම කියල අම්ම අතේ තිබ්බ දුරකතනය පුතාට දික්කලා..

පුතා : මම එකපාරක් කිව්වනෙ මට වෙන තාත්තල ඕනෙ නෑ..!!

මව : අනේ පුතේ මම කියන නිසාවත් වචනයක් දෙකක් වත් කතා කරන්නකො..

මවගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා වචනයක් දෙකක් කතාකරන්න හිතපු පුතා දුරකතනයට පිලිතුරු දුන්න..

පුතා : හෙලෝ..!!

කෝලර් :Good Morning Son, I am Bill Gates .I am your real father.

පුතා : Dad! Dad!! Dad!!! Thank God!
Ohhhhhhhhhhhh Thank God!!!!!!
Love u so much Dad!!!!! I’ve been looking for you for so long...

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි

No comments:

Post a Comment