Friday, August 16, 2013

ඇම්ඩා තුනවසරේ පන්තියේ ඉන්න කාලේක

ඇම්ඩා තුනවසරේ පන්තියේ ඉන්න කාලේ දවසක් උදේ 7.55 විතර සිංදුවකුත් කියාගෙන ඇම්ඩා පන්තියට ආවලු.
එක්කම සුමනත් පන්තියට ආවලු.
වෙලාවට පංන්තියෙ ම්ස් නෑ
ඔන්න මිසුත් අවා, අවිත් ආයුබෝවන් කියලා නම් පොත අතට ගත්තාවිතරයි සුමනා නැකිටලා අහපි මෙහෙම
"
ටිචර් තුන වසරේ ලමයින්ට බබ්බු හම්බ වෙනවද"
මිස් ඉතින් පුංචි හිනාවකුත් දාලා නෑ කිවුවා.
සුමනා හිමීට වාඩිවුනා.
නම් ලකුණුකරලා ඉවරවෙලා පඩම් පොත් ගන්න කිවුවා විතරයි අයෙත් සුමනා අහනවා
"
මේ ටිචර් ෂුවර් එකටම? තුන වසරේ ලමයින්ට බබ්බු හම්බ වෙනවද"
ම්ස් අයෙමත් කිවුවා
නැහැ ළමයෝ කියලා
කෙල්ල ආයෙත් වාඩිවුනා
පාඩම පටන් ගත්තා
කලින් වගේම සුමනා ආයෙත් නැකිට්ටා
"
ටිචර් සිරාවටම මං මේ අහන්නේ තුන වසරේ ලමයින්ට බබ්බු හම්බ වෙනවද"
මිස් පොතත් වහලා
"
නැහැ ළමයෝ දැන් එක සැරයක් මං කිවුවේ"
එතකොටම ඇම්ඩා නැකිටලා සුමනට මෙන්න මෙහෙම කියපි "එකනේ කුසුමා මං කිවුවේ බය වෙන්න දෙයක් නෑ කිය
next
පාසැලේ ඉගෙනගන්නා අතරතුරදීත් නිදා වැටීම සිරිපාලගේ පුරුද්දකි. දිනක් ගුරුතුමිය නිදා සිටින සිරිපාල අමතා...

සි...රි...පා........ කියනවා බලන්න විශ්වය මැව්වේ කව්ද කියලා ?..”

පසු පේලියේ සිටි කොල්ලා අතෙහිවූ අල්පෙනෙත්තෙන් සිරිපාලගේ පසුපසට ඇන දෙවියන්වහන්සේ කියලා කියපං යි පැවසීය.

සිරිපාල නැගිට දෙවියන් වහන්සේකීවේය.

බොහොම හොඳයි
සිරිපාල නැවත නිදන්නට විය.

ටික වේලාවකට පසුව අපේ ගැලවුම් කරුවා කව්දසිරිපාල ?

නැවත අර කොල්ලා සිරිපාලගේ පසුපසට අල්පෙනෙත්තෙන් ඇන.
ජේසුස් කියපන්යැයි කීය.

සිරිපාල නැගිට ජේසුස් වහන්සේයැයි කීය.

තුන්වන ප්රශ්නය ලෙස .....
හා එහෙනම් කියනව බලන්න
ආදම්ට එයාගේ තිස්තුන් වෙනි ළමයා හම්බවුනහම එයාගේ බිරිඳ මොකක්ද කිව්වේ කියලා

නැවත වරක් කොළුවා සිරිපාලගේ පස්සට අල්පෙනෙත්තෙන් ඇන්නේය. නිදි කිරමින් සිටි සිරිපාලයා තිගැස්සී අවදිව ....................

තෝ ලඟ තියෙන එකෙන් මට ආයි ඇන්නොත් මම තෝව මරණවායි

next


අලියා සහ කඹය

දවසක් එක මනුස්සයෙක් ගමනක් යනකොට ඇතෙක්ව දකිනවා.මූ ලොකු ඇතෙක් උනත් බැඳලා තිබ්බේ හිතා ගන්නවත් බැරි තරම් ශක්තියෙන් අඩු කඹයකින්. ඉතින් මේ මනුස්සයා මේක දැකලා පුදුම හිතිලා ලඟ හිටපු ඇත්ගොවුවාගෙන් අහනවා.

"
මෙච්චර ලොකු ඇතෙක් වෙලත් ඇයි එච්චර ශක්තියෙන් අඩු කඹේකින් බැඳලා තියෙන්නේ ? දම්වැලකින් බැඳලා දාන්න තිබ්බා නේ ?" අර මනුස්සයා ඇත්ගොවුවාගෙන් අහනවා.

"
මෙහෙමයි මහත්තයෝ ! මේ ඇතා පොඩි කාලේ ඉදලම ගැටගහලා තිබ්බේ මේ ජාතියෙම කඹේකින්. කාලේ නම් කඹේ කඩාගෙන යන්නත් හැදුවා. ඒත් ඌට කාලේ කඹේ කඩාගන්න තරම් ශක්තියක් තිබ්බේ නෑ. ඉතින් ලොකු ඇතෙක් උනත් උට තාම විශ්වාසයි තමන්ට මේ කඹේ කඩාගෙන යන්න බෑ කියලා. නිසා මුට පුලුවන් උනත් මූ කඹේ කඩාගෙන යන්නේ නෑ." කියලා ඇත්ගොවුවා කිව්වා.

අර මනුස්සයා විස්මය පල කරලා එතනින් යන්න ගියා.

කතාවේ ආදර්ශය - තමන්ට කොයි දේත් බෑ කියලා හිතන්නේ නැතුව තමන්ට තියෙන හැකියාවන් අඳුන ගන්න ඕනා.
අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි

No comments:

Post a Comment