Friday, August 16, 2013

ස්කෝලේ කාලෙන් පස්සේ දවසක් යාලුවෝ 4 දෙනෙක් අවුරුදු 30 කට පස්සේ හම්බ උනාලු.

ස්කෝලේ කාලෙන් පස්සේ දවසක් යාලුවෝ 4 දෙනෙක් අවුරුදු 30 කට පස්සේ හම්බ උනාලු.

එක්කෙනෙක් ටොයිලට් එකට ගිය අතරෙ අනිත් තුන් දෙනා තමන්ගේ දරුවන්ගේ සාර්ථකත්වයන් ගැන කථා කරනවා.

No 1:
මගේ පුතා ආර්ථික විද්යාව හදාරලා බෑන්කර් කෙනෙක් උනානේ මෙයා. දැන් එයා ගොඩක් පෝසත්. එයා එයාගේ හොදම යාලුවාට ‍‍‍ෆෙරාරි එකක් තෑගි කළා මේ ළගදි.

No 2 :
ඒමද? මගේ පුතා දැන් පයිලට් කෙනෙක්. එයාට එයාගෙම කියලා එයාර්ලයින් එකක් තියෙනවා. ඹයාලට කියන්න අනේ එයා දැන් මාරම පෝසත්. එයා එයාගේ හොදම යාලුවට ජෙට් එකක් තෑගි කළා.

No 3:
ඕව මොනාද අනේ. මගේ පුතා දැන් ඉන්ජිනියර් කෙනෙක්. එයා අලුතින් ඩිවලොප්මන්ට් කම්පනි එකක් දැම්මා. එයා එයාගේ හොදම යාලුවට මාලිගාවක් වගේ ලොකු ගෙයක් හදල දුන්නා.

ඔන්න එතකොට හතරවෙනියා ටොයිලට් ගිහින් ආවා.

No 4:
මොනාද අනේ ඔයාලා මේ කියවා කියව ඉන්නේ.

No 3:
අපි මේ දන්නෙ නැද්ද මෙයා අපෙ පුතාලා ගැන කථා කර කර හිටියේ. ඉතින් ඔයාගේ පුතා මොනාද ඩාර්ලින් දැන් කරනේනෙ.

No 4:
එයා ගේ (GAY) කෙනෙක්නේ.

No 1:
දෙයියනේ ඔයාට මාර දුක ඇති නේද මෙයා. අයියෝ .

No 4:
මොන පිස්සුද අනේ මට නම් මාර හැපි මගේ පුතා ගැන. ගිය සතියේ එයාගේ උපන් දිනේ තිබ්බනේ. එයාට ෆෙරාරි එකකුයි ජෙට් එකකුයි ලොකු මාලිගාවකුයි එයාගේ බෝයි ෆේරෙන්ඩ්ස්ලාගෙන් හම්බුනානේ

admin : maiya

අප මෙහි පලකරන බොහොමයක් දේ අන්තර්ජාලයෙන්(facebook,googal,) ලබාගන්නා අතර එහි අයිතිය මුල් අයිති      කරුවන්ට හිමිවේ.    උපුටා ගත්තකි

පොලිස් නිලධාරියා : උඹ කොහෙද ඉන්නේ..?

තරුණයා : අම්මලා එක්ක..

පොලිස් නිලධාරියා : අම්මලා කොහෙද ඉන්නේ..?

තරුණයා: මාත් එක්ක්..

පොලිස් නිලධාරියා : හරි යකෝ තොපි ඔක්කොම කොහෙද ඉන්නේ...?

තරුණයා : අපේ ගෙදර..

පොලිස් නිලධාරියා : කොහෙද යකෝ තොගෙ ගෙදර තියෙන්නේ...?

තරුණයා : මාටින් අයියලාගේ ගෙදරට එහා පැත්තෙ...

පොලිස් නිලධාරියා : මොකක්...?? කොහෙද ඕයි මාටින්ගේ ගෙදර තියෙන්නේ...?

තරුණයා : මේක ඇහුවොත් රාළහාමි පුදුම වෙනවා...

පොලිස් නිලධාරියා : ඔව් ඉතිං කියපන් කොහද මාටින්ගේ ගෙදර...?

තරුණයා : අපේ ගෙදරට එහා පැත්තේ....

......................................................................................................................................
next
ඔරලෝසුවක් සොරා ගෑනිමේ වරදට ගෑට කපන්නනෙක් වන පච්ච සෝමේ උසාවි ගියාලු..

නඩුකාරයා : කාගෙද මේ ඔරලෝසුව?

පච්ච සෝමේ : මගේ

නඩුකාරයා : කොහෙන්ද මේක ලෑබුනේ?

පච්ච සෝමේ : යාලුවෙකුගෙන්

නඩුකාරයා : කොයි යාලුවගෙන්ද?

පච්ච සෝමේ : හොදම යාලුවගෙන්

නඩුකාරයා : මොකද්ද හොදම යාලුවගේ නම?

පච්ච සෝමේ : ඒකනම් දන්නේ නෑ..ඒත් මේ ඔරලෝසුව දාල තිබ්බ පෙට්ටියේ ගහලා තිබ්බා "හොදම යාලුවාගෙන් පොඩි තෑග්ගක් කියලා

No comments:

Post a Comment